:::: වැලන්ටයින් වස් කැපුම ::::

--

කොල්ලටමයි බාල්දි ටික මාර වැඩක්
ඉරිසියාව දොර ඇරලා බලන හැඩක්
අපිටම කෙලවන්නේ ඇයි ඔහෙල ගොඩක්
ලියනු බැරිද අංකල් කෙල්ලටත් ලෙඩක්

ඔරලෝසුවෙ කටු හැලුනත් මට මොකද
ෆෝන් එකේ එලාම් එක වැඩ නේද
වතුර ටැංකි ගැන ඔබ අහලා නැද්ද
ආර්පිකෝ ලාබයි දැන් ගන්නවද

බස් නැත්නම් ට්‍රේන් එකේ යත හැකිය
ඌබර් යනවානම් තත්වෙට හොඳය
ගින්දර වගෙ මැප් ඇප් එක මගෙ වැඩය
එන වෙලාව ටක්කෙට මට කිව හැකිය

බෙන්ච් නැති උනොත් යනවා සී සී සී
කුඩ මොකටද ඒකේ නම් ෆුල් ඒසී
කපුටොත් නෑ කත හැක පීසා චීසී
ගහන සෙන්ට් අහගන්නකො හරි ඊසී

වැටෙන්නට ගියොත් පැටලී පඩි පෙලෙදී
අනිකා ඉන්නෙ අල්ලන්නට අත්වැල දී
ඉස්සුවොතින් සෙරෙප්පු දෙක පන්සලෙදි
පොල්ගහ දෙකක් ගන්නවා කකුලට සැපදී

වෙව්ලන් නැති අතින් හරියට ගැහුවහම
සෙල්ෆීස් ටික වදිනව ගානට මරුම
වට්ස්ඇප් ගැන හරියට දන්නව වගෙම
නම් කියවන්න මගෙ ඇහැ පේනව තවම

--

--

Danuja Jayawardhana

Software Engineer - CodeGen International Computer Science and Engineering - University of Moratuwa